iranama
අගෝස්තුවේ සුවිශේෂී ග්‍රහ පෙරළි රැසක්
ප්‍රවේශමෙන්. රටට, ලෝකයට අපල කාලයක් උදා වේ
අගෝස්තු මස 13 වන දින ඉරු දින පෙ.ව. 06.32 ට ග්‍රහ ලොව ඥන කාරක බුධ ග්‍රහ තාරකාව රවි හිමි සිංහ රාශියේ වක්‍ර වන අතර මේ මොහොතේ ජල රාශියක් වන කටකයට අධිපති චන්ද්‍රයා වෘශ්චික රැසේ නීචව අඟහරු හා සෙනසුරු සමගින් ඒරාෂ්ඨකයක් ද ඇති කරමින් අති දුර්වල ග්‍රහ චලිතයක යෙදී සිටී. රවි ග්‍රහයා එළඹෙන අගෝසතු 17 වන ගුරු දින අලුයම 00.46 යේ සිට සිංහ රාශි ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. එසේම අගෝස්තු 18 රාහු හා කේතු වසර දහඅටකට පසු රාශි මාරු කරනු ඇත. අගෝස්තු 07 අර්ධ චන්ද්‍ර ග්‍රහණයක් හා අගෝස්තු 21 පූර්ණ සූර්ය ග්‍රහණයක් ද සිදුවීමට නියමිතය.
පසුගිය ජුනි මස 21 වන දින සිට ධනු රාශියේ ගමන් ගත් ශනි නැවතත් වක්‍රව වෘශ්චිකයට පිවිස සතුරු රාශි ගත විය. මෙම ග්‍රහ තත්ත්වය සෙනසුරුගේ සුපුරුදු අපල හා පීඩාකාරී බවේ ආරම්භයකි. ඒ අනුව කුජ හා ශනිගේ විප්ලවකාරී ගති ලක්ෂණ නැවතත් ඉස්මතු වනු ඇත. මෙම කුජ ශනි අපල තත්ත්වය එළඹෙන අගෝස්තු අවසානය දක්වා පවතිනු ඇත.
එසේම පසුගිය ජුලි 11 වැනි දින කුජ ග්‍රහයා කටක රාශියට ගෝචර ගමනින් පිවිසුනු අතර ඒ අනුව කුජ, රවි හා සිකුරු, යන ග්‍රහ ත්‍රිත්වයම ඒකරාශිව කටකයේ සංයෝගව සිටී. මෙම ග්‍රහ තත්ත්වයත් පසුගියදා ග්‍රහ යුද්ධයෙන් කුජ පරදා බුධ ජය ගැනීමත් හේතුවෙන් මෙම තත්ත්වය ශාස්ත්රාලෝකය ගෙන දෙන සාහිත්‍ය අංශයන්ට යම් පමණක සුබදායක වන අතර එය මිථුන, කන්‍යා, මකර ලග්නවලට සාහිත්‍ය හා අධ්‍යාපන යන අංශ වලින් සුබදායක වනු ඇත. එසේම මෙම කාලය තුළ වාසනාවන්ත උගත් දරුවන් රටට දායාද වනු ඇත.
මෙම සියලු ග්‍රහ චලිතයන් විමසීමේදී කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ මෙම අගෝස්තු 02 වැනි දායින් පසුවත් එළඹෙන 2017 ඔක්තෝම්බර් මස 26 වැනි දින දක්වා ම පවතිනුයේ ඉතාමත් අසාමාන්‍ය විපරිත අසුබ ග්‍රහ චලිතයකි.
කුම්භ ලග්නය හිමි ලංකා කේන්ද්‍රයේ ග්‍රහ පිහිටීම අනුව ලග්නයෙන් 10 වැන්නේ ලග්නාධිපති ද වන වායුවට අධිපති ද ග්‍රහයා වන සෙනසුරු රැඳී සිටින අතර එම ශනි ග්‍රහයා සිය සතුරු අපල කාරක කුජට අයත් වෘශ්චිකයේ ඉතාමත් පීඩාකාරී විපරිත අපලදායක ග්‍රහ චලිතයක යෙදී සිටී. එසේම කුම්භයේ 6 වැන්නේ රවි හා බුධ යෝග වන අතර ගුරු හා සතුරු රාහු 6 වැන්නේ ගෝචර වන අතර කේතු නැප්චූන් සමගින් වැයස්ථාන ගතව සිටී. මෙම තත්ත්වය හේතු කොට ගෙන මෙම කාලය තුළ ප්‍රබල අපල හා පීඩාකාරී, බාධාකාරී තත්ත්වයන් වනු ඇත.
භූමියට අධිපති ග්‍රහයා වන කුජ ග්‍රහයා වායුවට අධිපති පීඩාකාරී සෙනසුරු සමගින් යෝග වී අග්නි මාරුත නම් අසුබ යෝග බලය ද මෙම කාලය තුළ නිර්මාණය වනු ඇත. මෙම තත්ත්වය ඉතා භයානක ග්‍රහ තත්වයකි.
මෙම කාලය තුළ මනුෂ්‍ය ගුණ දම් හීන වී අධර්මය රජ යන කාලසීමාවක් වනු ඇත. අප රටට මෙන්ම මෙම අපල තත්ත්වය මුළු මහත් ලෝකයටම බලපානු ඇත. අප රට හා ජන සමාජය කෙරෙන් බැලූ කල බෝවන රෝග, ඩෙංගු වසංගත තත්ත්ව, උෂ්ණාධික රෝග හා සුරාව හා මත්ද්‍රව්‍ය මෙන්ම දුම් පානය නිසා විවිධාකාරයේ රෝග ඇති වනු ඇත. මෙම ග්‍රහ මාරුව හේතුවෙන් මෙම කාලය තුළ සූර්යය රශ්මිය ඉතාමත් දැඩි වනු ඇත. සුලං තත්ත්වයද ඉතාමත් වියළි තත්ත්වයට පත් වනු ඇත.
එසේම මෙම කාල සීමාව ස්වාභාවික විපත් බහුලවම සිදු වන කාලයකි. විශේෂයෙන් පසුගිය කාලය තුළ පැවති ගංවතුර, අධික වැසි තත්ත්ව, නායයැම්, භූමිකම්පා, සුළිසුලං තත්ත්ව මුහුදු විපත්, හදිසි අනතුරු කැපී පෙනෙන ලෙස නැවතත් වර්ධනය වන කාලයකි. රහස්‍ය කටයුතු බහුලව සිදුවන කාලයකි. ජනතාවගේ මානසික සෞමයතාවය බිඳ වැටීම හේතුවෙන් ජනතාව අතර නොයෙක් අසංවරතා මෙන්ම වසංගත රෝග හා නොසන්සුන්තා ඇති වනු ඇත. මහජන අප්‍රසාදය ඉහළ යන කාල සීමාවකි. විශේෂයෙන් පරිපාලන ක්ෂේත්රයේ සෞඛ්‍ය, ගමනා ගමන හා අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු හා ප්‍රශ්න බහුල වන කාලයකි. උසස් ප්රභූන්ට මෙන්ම කුඩා දරුවන්ට අපලදායකය. විශේෂයෙන්ම අප රටේ ගව සම්පතට හා කෘෂිකර්මයට විපත්තිදායක වනු ඇත. කාන්තා පක්ෂයට අපල හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නොයෙක් ගැටලු හා කරදර ඇති වනු ඇත. ස්ත්‍රී දූෂණ හා ඝාතන ඉහළ යන කාලයකි. සොර සතුරු උවදුරු හා ළමා අපචාර ඉහළ යන කාලයකි. දේශපාලන ලෝකය තුළ නොසිතූ නොපැතූ හැලහැප්පීම් හා ගැටලු ඇතිවේ. උද්ඝෝෂණ, උපවාස, පිකටිං වැඩ වර්ජන ඇතිවන කාලසීමාවකි. රට තුළ සිදුවන මංකොල්ල හා මිනීමැරුම් හා දුරාචාර ඉහළ යන අතර ඒවාට නීතිය ද යම් පමණකට ක්‍රියාත්මක වනු ඇත. රථවාහන අනතුරු වල හා ගුවන් යානා අනතුරු වල කැපී පෙනෙන වැඩිවීමක් සිදුවනු ඇත. ආහාරපාන වල මිල ඉහළ යනු ඇත. අඟහරු, රාහු, කේතු හා ශනි, මහ දශා හා අතුරු දශා, විදශා ගත කරන, සෙනසුරු ඒරාශ්ඨක ගත කරන අය විශේෂයෙන් පරිසම් විය යුතුය. විශේෂයෙන් ඔවුන්ට අධික රුධිර පීඩන තත්ත්ව, හෘදයා බාධ, තිබෙන රෝගී තත්ත්ව වැඩි වීම්, වැටීම් තැලීම් සිරීම් හා හදිසි අනතුරු තත්ත්වයන් ද ඇති විය හැකිය.
විශේෂයෙන් මෙම කාලයේ රත්රන් හා මිනිරන් ආශ්රිත නිෂ්පාදන වල කැපී පෙනෙන වර්ධනයක් ඇති වේ. අධ්‍යාපන ආයතන, විශ්වවිද්‍යාල හා එම ක්ෂේත්රයන් තුළ නොසන්සුන්තා යම් පමණකට ඇතිවේ. එසේම මෙම කාලය තුළ රටට අලුත් ආරංචි ලැබෙන කාලසීමාවක් වනු ඇත. දේශපාලන කරළිය තුළ පුවත් මැවෙන කාලසීමාවකි. පවතින රජයට දැඩි අපහසුතාවලට මුහුණ දීමට සිදුවන කාල සීමාවකි. මෙම කාල සීමාව තුළ රටේ ආර්ථිකයේ බිඳ වැටීම් ඇති වන කාල සීමාවක් වනු ඇත. රජයට අවාසිදායක තත්ත්වයන් ඇතිවන අතර විපක්ෂය යම් පමණකට බලවත් වනු ඇත. පක්ෂ විපක්ෂ මත ගැටුම් ඇති වන අතර පාර්ලිමේන්තුව තුළ වාද විවාද අරබයා උණුසුම් බවක් දක්නට ලැබෙනු ඇත. මෙම කාලය රූමත් කාන්තාවන්ට හා ප්රභූන්ට අපලදායක වන අතර ගුණවත් වනිතාවන්ට සුබදායක වනු ඇත.
අපේ රටට විදෙස් සහයෝගය හිමි වන කාලයක් වුවද ඒ හරහා යම් යම් ගැටලු ද මතු වනු ඇත. එසේම අඟහරු සෙනසුරු ග්‍රහ ගමන හේතුවෙන් මෙම කාලසීමාව තුළ සාගරය ආශ්රත කැළඹීම් ඇති වේ. ඊට අමතරව ප්‍රබල රිය අනතුරු, මංකොල්ල කෑම්, කර්මාන්තශාලා ආශ්‍රිතව ගිනි ගැනීම්, පිපිරීම් වැනි නොයකුත් පීඩාකාරී තත්ත්වයන් ද ඇති වීමේ ප්‍රවතාවයක් මෙම ග්‍රහ මාරු ආශ්‍රිතව පවතිනු ඇත. රට තුළ දේශගුණ විපර්යාස හා නාය යැම් හා උතුරු ප්‍රදේශීය ආශ්‍රිතව වියළි දේශගුණ තත්ත්වයන් ද ඇති වීමේ අවස්ථාවන් උදා වීමට හේතු වනු ඇත. අය පක්ෂයට වඩා වැය පක්ෂය අතිශය ඉහළ යන කාලයකි. සංඝයා වහන්සේ අතර ද මත ගැටුම් ඇති වන අතර ආගමික සංහිඳියාව හා ජාතීන් අතර ඇති සහයෝගය, හා සමගිය බිඳ වැටීමේ කරුණු යෙදෙන අතර එයින් ප්‍රශ්න හා ගැටලු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව මහජනයා හා දේශපාලන නායකයන් අවධානය යොමු කළ යුතුය. මෙම ග්‍රහ තත්ත්වය ලග්න වශයෙන් ගත් කල සියලු ලග්න හිමියන්ට සුබදායක නොවනු ඇත.
මෙම අපල දුරු වීමට සියලු දෙනා කල්පනාකාරීව ආගමානුකූලව ජීවත් වීමත් සෙනසුරාදා හා අගහරුවාදා දින වල බෝධි පූජා පැවැත්වීමත් ඊශ්වර, විෂ්ණු හා කතරගම යන දෙවියන් වහන්සේලාට පින් අනුමෝදන් කර ග්‍රහ අපල දුරු වීමට එම ආශිර්වාද ලබා ගැනීමත් ඉතා යහපත් වනු ඇත.
ජ්‍යෙdතිෂවේදදී
බණ්ඩාරගම, සම්පත් එස් කල්පගේ 'තසුනි' සෙත්කවි හා ජ්‍යෙdතිෂ සේවය. නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්ඩාරගම. 0382293771 / 0772753100
Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks